අතර මගදී මා දුටු මවකගේ කදුළු කථාවක්............
අද මම කඩේට ගොස් එනවිට මගදී වයසක මවක් රෙදි බෑග්එකක් හිස මත තබාගෙන පාර දිගේ හයියෙන් කදුළු සලමින් කියව කියවා එද්දි මට හමු වුනා මා නතර වී එයට ටිකක් කන් යොමු කලේය.මම සිටියේ දුවගේ ගෙදර දුවටත් දරුවො සිටිනවා. ඒ දරුවොත් බලා සිටිත් දී මට මගේ දුව ගහලා මට බැනලා මාව ගෙදරින් එළියට ඇදලා දැම්මා.මම දරුවො හැදුවේ දස මාසයක් කුසේ දරාගෙන ලේ කිරිකර පොවලා අත පය කොර කරන් නැතුව හැදුවා. ඉස්කෝලේ යවලා ඇස් පෑදුවා. උන් හදපු හැටි උන්ට අමතක වෙලා. උන්ගේ දරුවොත් උන්ට මෙහෙම කරපු දවසට උන්ට තේරේයි. මට මහ පාර තියෙනවා.
බුදුන් වැඩිය රටේ මෙවැනි කණගටු දායක සිදුවීම් කොතෙකුත් ඇද්ද . මෙය එක් සිදුවීමක් වන්නට පුලුවනි මෙවැනි සිදුවීම් නොවෙනවානම් අපේ රට කොතරම් සුන්දරද .......?
මම P. P. G. lasika damayanthi