Monday, December 21, 2009


මානෙල් සුවද මය
කුඩ මසු පිලි ගද මය
දෙකට එක දිව මය
හොදට නරකට දෙකට කට මය
G.N.K.lakshan
Gread .4
st jon's colleg Nugegoda

Wednesday, December 16, 2009

අපේ සංස්කෘතියට මොකද වුනේ..........
ලංකාවේ බහුතරයක් ඉන්නේ සිංහල අය. වැදගත් ශිෂ්ඨසම්පන්න ජාතියක් කියලා වැඩිහිටියෝ කියලා තියෙනවා.අතීතයේ ලියවුනු පොත්පත් වල දැකලා තියෙනවා. අම්මයි තාත්තයි දු හා පුතා සමග එකට විනෝද ගමනක් මුහුදු වෙරලකටක යන්නට පුලුවන්ද. මිනිසුන් ඇදුම් අදින්නේ නිරුවත වහගන්න. විවිද ජාතීන් ගෙන් අහුල ගත්ත කෑලි අමුණ ගෙන අපේම සිංහල අය කාටත් වැඩිය ලස්සනයි කියලා හිතලා ශරිරයෙන් කොටසක් වසාගෙන වැඩ දානවා. පුදුම ඒක නොවෙයි අම්මගේ අදුමෙ හැටියට දුගේ ඇදුම හොදයි කියලා හිතෙනවා. මුහුදු වෙරලට යන්නෙ මුහුදේ සුන්දරත්වය බලන්න යනකොටම දකින්නේ විදේශ රටවලින් පැමිණි උඩින් හා යටින් කෑලි දෙකක් වහගත්ත කාන්තාවක් එක කෑල්ලක් වහගත්ත පිරිමියෙකුගේ අතින් අල්ල ගෙන එහා මෙහා යන දර්ශනයකි..
ඇත්තටම අපේ රටට ගැලපෙන විදියට ඉන්න නීති පද්දතියක් නැද්ද කියලා හිතෙනවා..................

Wednesday, December 2, 2009

අතර මගදී මා දුටු මවකගේ කදුළු කථාවක්............
අද මම කඩේට ගොස් එනවිට මගදී වයසක මවක් රෙදි බෑග්එකක් හිස මත තබාගෙන පාර දිගේ හයියෙන් කදුළු සලමින් කියව කියවා එද්දි මට හමු වුනා මා නතර වී එයට ටිකක් කන් යොමු කලේය.මම සිටියේ දුවගේ ගෙදර දුවටත් දරුවො සිටිනවා. ඒ දරුවොත් බලා සිටිත් දී මට මගේ දුව ගහලා මට බැනලා මාව ගෙදරින් එළියට ඇදලා දැම්මා.මම දරුවො හැදුවේ දස මාසයක් කුසේ දරාගෙන ලේ කිරිකර පොවලා අත පය කොර කරන් නැතුව හැදුවා. ඉස්කෝලේ යවලා ඇස් පෑදුවා. උන් හදපු හැටි උන්ට අමතක වෙලා. උන්ගේ දරුවොත් උන්ට මෙහෙම කරපු දවසට උන්ට තේරේයි. මට මහ පාර තියෙනවා.
බුදුන් වැඩිය රටේ මෙවැනි කණගටු දායක සිදුවීම් කොතෙකුත් ඇද්ද . මෙය එක් සිදුවීමක් වන්නට පුලුවනි මෙවැනි සිදුවීම් නොවෙනවානම් අපේ රට කොතරම් සුන්දරද .......?

මම P. P. G. lasika damayanthi

Monday, November 23, 2009

my name is lakshitha.
my school is st.jon's collage nugegoda.
my class tercher is mala kalyane mrs.
I'm nine yes old.
my favourite subject is English.
I'm in grade four.
my hobby is cricret.
I live in polgasovita.
I have a sister.
my favourite food is apple.
my favourite fruit is rice.
my favourite colour is gold.
my favourite drink is milk.
my mother is lasika damayanthi.
my father is G.karunadasa.
this is are twovins brother.
my best frind is Thisal.

Friday, November 20, 2009

ලත වීමට මුලය දුරදිගනොබලීම
ලෙඩ වීම‍ට මුලය රසයට ගිජු වීම
වැනසීමට මුලය නිළතල හිමිවීම
පිරිහීමට මුලය මුල අමතක වීම.........

Sunday, November 15, 2009

ජීවිතය යනු මල් යහනාවක්නොවේ...........
අටලෝ දහම අපේ ජීවන චක්‍රය වෙනස් කරන ප්‍රබල අභියෝගයකි. මම මේ ටික කියන්නේඅත්දැකීමක් අනුව මගේ හෘද සාක්ෂියට අනුව විස්වාස කරණ බැවින්ය.අපි සිතන පතන සියල්ල ඒ අයුරින්ම සිදුවන්නේ නැහැ.කොතරම් බුද්ධිමත්ව කටයුතු කලත් පතාගෙන ආපු විදියට බුත්ති විදීමට සිදුවෙනවා අප නොසිතු නොපැතු අයුරින් ආර්ථික හා මානසික පත්වනවා. ඊටත් වඩා බලපෑම් වලට ලක් වෙනවා. මම අහලා තියෙනවා ලබා උපන් හැටියටලු බාබා වැනෙන්නේ.අපට කරන්න ඉතිරි වෙලා තියෙන්නේඑන විදියට මුහුණ දීමට පමණි. වැරැද්දක් නැති කෙනකු මෙලොව නැත.2009.11.14 දින මට සිදුවුන සිදුවීමත් එක්ක සංසදනය කල විට මට ලැබෙන්න තිබුන දේ ලැබුණා.සියල්ල සිදුවන්නේ මිනිසුන්ට නම්.......අනාගතය ට කුමක් වේවිද?

Saturday, October 31, 2009

If you don' t' have sinhala font To read this piease download sinhala font here

Tuesday, October 20, 2009

මා ජිවිතයේ එක් සුන්දර මොහොතක්..........
අද 13 අපේ ජිවිතයේ අළුත් පිටුවක් ආරම්බ කලේය. හමුදාවට එක් වීමෙන් මව් බිමට සේවය කර අබාධිත වෙලා ඉන්න අපට අපේ සැගවුණු දුෂ්කර අත්දැකීම් අපේම සැගවුණු දක්ෂතා ඉදිරිපත් කිරිමට අවස්ථාව ලැබුණි.
එම අවස්ථාව නිකම්ම අපට ලැබුනේ නැහැ. S. I. ප්‍රදීප් නම් නිහතමානි ශේෂ්ඨ ගුරුතුමා. ප්‍රසාත් ලොකුපිටිය මහත්මා .විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ තුමා. දිවා රාත්‍රි නොබලා විශාල වෙහෙසක් දරුවා. ඒ වගේම තවත් පිරිසකගේ කැප කිරිම හා ධන පරිත්ත්‍රාග ලැබුණා. මෙම සියළු දේ එකම තැනට කැටි කර ගත් විට මෙලෙස මල් පල ගැනුණි.
ඒ සුන්දර ‍‍මො‍‍හොත....
2009 /10 /13 දින උදැසන 10.30 ට අ‍‍‍‍පේම කියා ‍‍‍අන්තර් ජාල‍යේ ‍‍වෙබ් අඩවියක් හා අපි මුහුණ දුන් බයාණක දුෂ්කර අත්දැකීම් . සැගවී තිබු දක්ෂතා ඇතුලත් විරුවන්‍‍ගේඅත්දැකීම් ... කෟතිය එලිදැක්වීම විස්ශ්‍රාම වැටුප් ‍‍‍‍දෙපාර්ත ‍‍‍මේන්තු ශ්‍රවනාගාර‍යේ..දී සුභ ‍මො‍‍‍හොතින් එළිදැක්වීම සිදුවිය. ‍‍ ‍‍‍ ‍‍‍

Thursday, September 17, 2009

අමාවක රැයක රණවිරුවෙක් බිහිසුණු යුද අද්දැකීමකට මුහුණ දුන් මොහොතක්............
එවකට මම වයස අවුරුදු 19 ක යෟවනයේ පසු වු තරුනයෙකි .මව් බිම රැක ගැනීම අපේම සොයුර සොයුරියන්ගේ රුධිරය වගුරනවා දැකීම බලා සිටීමට නොහැකි විය. මාද රට වෙනුවෙන් යුතුකම් හා කැප කිරිම කළ යුතු යැයි සිතුනි.ඒ අරමුණ මුදුන් පත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රි ලංකා යුද හමුදා තුන්වන ස්චෙචජා ගැමුණු හේවා බලකායට මම එක් වුනෙමි.
ශ්‍රි ලංකා යුද හමුදාවට එක්වීන් අනතුරුව මව් බිම ත්‍රස්තවාදින්ගෙන් මුදා ගැනීම සදහා වාසවිලාන් කුරුම්බසෙට්ටි කයිට්ස් මන්නාරම ආදි ප්‍රදේශ වල ක්‍රියාන්විත රාජකාරියේයෙදුනෙමි.අවසන් වරට මම රාජකාරියේ යෙදි සිටියේ මන්නාරම තල්අඩි බලසෙනා බල ප්‍රදේශයේය.
පුර අමාවක් වු 1994 -04 -22 දා මගේ ජිවිතයේ අමතක නොවන දිනයකි .එදින රාත්‍රි 08 ට පමණ මුර රාජකාරියක් සදහා අප 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කදවුරෙන් පිටත් විය.අපට සංචාරය කිරිමට නියමිතව තිබු මාර්ගයෙන් කොටසක් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් බහුලව තිබු ප්‍රදේශයක් විය. එම ප්‍රදේශයේ ටික දුරක් අප ගමන්කරන විය. එක සැරේම අප වෙත වෙඩි වර්ෂාවක් එල්ල විය. අපට කිසිවක් සිතා සිතා ගැනිමටවත් නොහැකි විය . ත්‍රස්තවාදීන්ගේ රැක සිට පහර දීමකට අප ගොදුරු වී ඇති බව ක්නිකව වැටහුනි. අපිත් ක්ෂණිකව ප්‍රති ප්‍රහාර එල්ල කළෙමු. තත්පර කීපයකින් මාගේ දකුණු අතට වෙඩි ප්‍රහාරයක් එල්ලවිය.රත්වු ඊයම් මූනිස්සම ම‍ෙග් අත පසාරු කරගෙන ගොස් තිබුනි. ක්ෂණිකව මගෙ අත පහළට වැටෙනවාත් සමග වම් අතින් ගත් මාගේ සෙවනැල්ල මෙන් ඇති ගිනි අවිය තුරුලට ගෙන වට පිට බැලුවෙ‍මි. පරිසරයද තද කළුවර නිසා සතුරා කෙරෙහි විස්වාසයක්ද කල නොහැකි අසල තිබු පදුරට මුවාවුනේ. ඒ මොහොතේ සතුරා වෙත පහර දීමට මා සුරත ප්‍රාණවතව නොතිබීම ගැන දරා ගත නොහැකි වේදනාවකි .විශාල ත්‍රස්තවාදි කණ්ඩායමක රැක සිට පහර දීමට ගොදුරුව සිටි අප කන්ඩායම මොහොතකින් නිහඩ කිරිමට සතුරා බලවත් විය. මිය ගිය මගේ කණ්ඩායමේ සොදුරු රණවිරුවන්ගේ අවි පතුරොම් ගන්නා ආකාරය මය ඇසුනි.වෙඩි වැදි බරපතල ලෙස තුවාල සිදු වී ඇති නොනවත්වා රුදිරය වගිරෙමින් තිබු නිසා මා ඉතා අසරණ තත්වයකය පත්ව සිටියෙමි. මේ අවස්ථාවේදි තලඅඩි කදවුරේ සහයක භට පිරිස් පැමිණි නිසා තව දුරයත් මට ජිවත්වීමට වාසනාව උදාවිය.
මා සමග ඊට අඩ හෝරාවකට ප්‍රථම ජිවත්ව සිටි සහෝදර සෙබළුන් දෙදෙනෙකුගේ ප්‍රාණය නිරුද්ධ මළ සිරුරු සමග ගුවන් අනුරාධපුර රෝහලට පැමිනීමට සිදුවීම ජිවිතයේ කිස් දිනක අමතක නොවේ. අන්තිමට මාත් තවත් සහෝදර සෙබලෙක් පමණක් තනිකර දමා කන්ඩායමේ සියලු දෙනාම නිහඩ වුන බව දැනගන්නට ලැබුනි අප දෙදෙනාද සදාකාලික ආබාධිත තත්වයට පතවූහ.

G.KARUNADASA -Tel. 94-0112782519
NO 216\3\59------- E-Mail. kgeganage@yahoo.com
SISIL SEWANA---- skype. geganagek
SIYABALAGODA-- website .karunadasabiogspot.com
POLGASOVITA


Saturday, August 8, 2009

my son
G.N.K. Lkmal
G.N.K . Lakshan
G.N.K . Lkshitha

G.N. KAVICHA LKCHSNE

my Doter